Tuesday, February 7, 2012

පරිගණකයේ ඉතිහාසය

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉතිහාසය ප්‍රධාන කාල වකවානු 4කට බෙදිය හැක.
            පූර්ව යාන්ත්‍රික යුගය (1450 ට පෙර )
                  යාන්ත්‍රික යුගය (1450-1840)
                  විද්යුත් යාන්ත්‍රික යුගය (1840-1940)
                  විද්යුත් යුගය (1940 සිට )
  • ක්‍රි.පූ.3000 පමණ ප්‍රථම ගණිත උපකරණය වන ඇබකසය භාවිත කල බව කියවේ.1642 දී බ්ලේස් පැස්කල් විසින් පැස්කලින් යන්ත්‍රය සොය ගන්නා ලදි. මෙය එකතු කිරීම හා අඩු කිරීම සඳහා පමණක් භාවිත විය.
    1674දී ගොට්ෆ්‍රිඩ් විල්හෙම් වොන් ලිබ්නිට්ස් විසින් පැස්කලින් යන්ත්‍රය ගුණ කිරීම හා බෙදීම දක්වා වැඩි දියුණු කරන ලදි.
  • චාර්ල්ස් බැබේජ් විසින් 1822 දී Differential Engine ද 1833දී විශ්ලේෂක එන්ජිම (Analytical Engine) නිපදවන ලදි. වියුක්ත ආකෘති සංකල්පය පළමු වරට හඳුන්වා දුන්නේ ද මොහු විසිනි.
    ඔහුගේ එම කාර්යයට සහාය වූ ඇඩා ඔගස්ටා ලව්ලේස් ආර්යාව ප්‍රථම ක්‍රමලේඛිකාව ලෙස ද හැඳින්වේ.
    1880 දී හර්මන් හොලරිත් විසින් සිදුරුපත් මැෂිම සොය ගන්නා ලදි.
    1906 දී ෆොරස්ට් විසින් ඉලෙක්ට්‍රොනික වෑල්වය සොයා ගන්නා ලදි.
    1939 දී හාවඩ් විශ්ව විද්යාලයේ මහාචාර්ය වරයෙකු වූ හොවර්ඩ් ඒකන් විසින් ප්‍රථම ස්වංක්‍රීය පරිගණකය වන 'ස්වංක්‍රීය අනුක්‍රම පාලක ගණක යන්ත්‍රය නැතහොත් මාර්ක් 1 නිපදවන ලදි.
  • 1946 දී පළමු පොදු කාර්යය ඉලෙක්ට්‍රොනික අංකිත පරිගණකය ලෙස හැඳින්වෙන එනියැක් යන්ත්‍රය නිපදවන ලදි.
  • 1949 දී නිපදවන ලද එඩ්වැක් යන්ත්‍රය, ගබඩා කළ ක්‍රමලේඛන යෙදාගත් මුල්ම අංකිත පරිගණකය ලෙස සැලකේ.
  • 1947 දී ට්‍රන්සිස්ටරයේ උපතත් සමඟ පරිගණකයේ පළමු පරම්පරාව අවසන් විය.
  • ට්‍රාන්සිස්ටර යොදාගෙන තැනූ පරිගණක දෙවන පරම්පරාවේ පරිගණ්ක ලෙස සැලකේ.
  • 1964 දී ට්‍රාන්සිස්ටරවල එකතුවෙන් සෑදූ අනුකලිත පරිපථවල පැමිණීමත් සමඟ පරිගණක ප්‍රමාණයෙන් හා මිලෙන් අඩු වූ අතර එවයේ වේගය වැඩි විය. අනුකලිත පරිපථ යොදාගෙන තැනූ පරිගණක තුන්වන පරම්පරාවේ පරිගණක වේ. කල්යත්ම අනුකලිත පරිපථ දහස් ගණනකින් කෙරෙන කාර්යය ඉටු කිරීමට සමත් සිලිකන් චිප නිපදවීමට ඉලෙක්ට්‍රොනික තාක්ෂණය වැඩිදියුණු වූ අතර  LSI (Large Scale Integration)   හා  VLSI (Very Large Scale Integration) නම් චිප බිහිවිය.
  • මේ කාලයේ දී දහස් ගණන් අනුකලිත පරිපථ, සිලිකන් චිපයක් තුළ තැන්පත් කිරීමට තරම් තාක්ෂණය දියුණු වීමත් සමඟ ක්ෂුද්‍ර සකසනය බිහිවිය.මෙම පරිගණකවල වේගය හා කාර්යක්ෂමතාවය බෙහෙවින් වැඩි වූ අතර මිල හා ප්‍රමාණය ක්‍රමයෙන් අඩු විය.  1975 දී  MIT ආයතනය මඟින් ALTAIR 8800 ක්ෂුද්‍ර පරිගණකයක් නිපදවන ලදි. 1976 දී පුද්ගල පරිහරණය සඳහා ඇපල් නම් තවත් ක්ෂුද්‍ර පරිගණකයක් බිහි විය. 1981 දී   IBM සමාගම විසින්  IBM-PC  නමින් ප්‍රථම පුද්ගල පරිගණකය නිපදවන ලදි. ඉන්පසු ඇපල් පරිගණක සමාගම විසින් 1984 දී Macintosh පරිගණකය නිපදවීම පරිගණක ඉතිහාසයේ තවත් සංධිස්ථානයකි.

0 comments:

Post a Comment

Total Pageviews

මෙන්න අපේ වෑඩ..............................

මෙන්න අපේ වෑඩ..............................
හලො! මෙ තියෙන්නෙ අපෙ Blog එක. අපි දෙන්න මෙක කරන්නෙ ඈයි කියල ඔයාල දෑනගන්න කමතිද??? මෙකයි, අපි ඔක්කොම උසස්පෙල විභාගෙ කරන ලමයිනෙ. ඉතින් අපෙ පාඩමක් තියනවා Logic Gates කියලා. ඒ පාඩම ටිකක් ලොකුයි. ඒත් කොහොම හරි ඉගෙනගන්න එපෑයි. ඒ නිසා ඔයලාට ලේසි කරන්නයි අපි මේක කරන්නෙ. අපිට මේ වඩේට Full Bake up 1a දෙන්නෙ අපෙ ICT සර්.ඒ තමයි KASUN SHANAKA BANDARA Sir.

Followers

About Us

ඔයාල කැමතිද අපි ගැන දැනගන්න? අපි දෙන්න DULMINI N SAKURA . අපි දෙන්නම යන්නෙ SJC එකට. ඔයාලා ඉතින් දන්නවානෙ අපි මේ අවුරුද්දෙ A/L කරන ළමයි කියලා. දැන් අපි ගැන දැන ගත්ත ඇති නේද??? එහෙනම් දැන් බලන්නකො අපේ BLOG 1 හොදඳ කියලා.